Wednesday, March 30, 2016

ඒක අමුතුම ඉවෙන්ට් එකක්

වසරේ බ්ලොග්කාරිණිය යශෝධා සම්මානී 
හැමෝම තරඟෙට නෙලුම්යාය ගැන පෝස්ට් දාන එකේ මමත් එකක් දානවා, හැක්. මෙවන් උත්සවයකට සහභාගී වූ මුල්වතාව කියල කියන්න පුළුවන්. ඒකට හේතුව ඒක මම සහභාගී වූ මුල්ම හයිබ්‍රිඩ් ඉවෙන්ට් එක. ඒක සම්මාන උත්සවයක් විතරක් නෙමෙයි, ඒක මිතුරන්ගේ හමුවක්, එක්තරා විදිහක එක පවුලක කට්ටියක් එකතුවුණු පවුලේ උත්සවයක්, අවංකව එකිනෙකාගේ හැකියාවන් ඉදිරිපත් කරන්න සහ අගයන්න අවස්ථාවක්. ඒක නිසා ඒක අමුතුම ඉවෙන්ට් එකක්.

Wednesday, March 23, 2016

1989 කැරැල්ල මර්ධනය තවමත් විකිණිය හැකිය

නොකී කථා  විසින් පලකරන ලද අනූනමයෙන් බේරුන අනූවේ පරපුර ලිපිය සහ සිව්වැනි මානය විසින් එම ලිපියේ තබා තිබූ කමෙන්ට් කියවීමෙන්  ඔවුන් මවන සුරංගනා කථා වල අනික් පැත්ත ගැන එම කාලය ගැන අඩු දැනීමක් ඇති අය වෙනුවෙන්  ලියමි. එකල ජේ.වී.පියට අනුකම්පාව දක්වන්නන් (sympathizers) සහ එම කැරැල්ල මර්ධනය තම වාසියට හරවාගත් සහ තවමත් එය පාවිච්චි කරන එ.ජා.ප විරෝධීන් ගේ මතය බොහෝ ප්‍රසිද්ධය. මා නම් සිතන්නේ මොවුන්ගේ උපාය මිනිසුන්ගේ ඇති අනුකම්පාව සහ  දුර්වලයා කෙරෙහි ඇති බැඳියාව (favoring the underdog) තම මතය ගෙනයාමට ක්‍රියා කිරීමක් පමණක් බවයි.

1971 දී අසාර්ථක කැරැල්ලක් මෙහෙයවා තරුණ තරුණියන් දහස් ගණනකගේ ජීවිත විනාශ කිරීමට කටයුතු කල රෝහණ විජේවීර ඇතුළු කල්ලිය සිරෙන් නිදහස් කලේ 1977 දී බලයට පත් එ.ජා.ප රජයයි. මහජනයාගේ කැමැත්ත ඇතුව ක්‍රම ක්‍රමයෙන් හෝ තම දේශපාලන මතය ප්‍රසිද්ධ කිරීමට ඔවුන්ට එයින් අවකාශයක් ලැබිණි. ඒ අනුව 1982 දී පැවැති ජනාධිපතිවරණයේදී (ප්‍රජා අයිතිය නොතිබූ බණ්ඩාරණායක මැතිණිය ඉදිරිපත් නොවන පසුබිම යටතේ) සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබිණි. එහෙත් ඔවුනට ලැබුණ ඡන්ද ප්‍රමාණය දෙලක්ශ හැත්තෑදාහක් (4.19%)  පමණකි. එයින් පැහැදිලි වූයේ ඊට කලින් අවුරුදු පහේදී දක්ශිණාංශික පාලනයක් ගෙනගිය රජයට විරුද්ධව සමාජවාදී හෝ ඔවුන්ගේ ඉගැන්වීම් අනුව සිදුකල යුතු ආර්ථික ක්‍රමය රටට සුදුසු යැයි ඒත්තු ගැන්වීමට ඔවුන්ට නොහැකිවුණ බවයි. නැත්නම් එම සමාජ ක්‍රමය සහ අදාල පුද්ගලයින් මහජනතාව ප්‍රතික්ශේප කල බවයි.

Tuesday, March 15, 2016

එකතුවී අපි බොමු හොරෙන්



විසිහයේ දින, දෙකයි තිහටලු
එළිදකින්නේ මහ තිරෙන්
යාය පුරවා නෙළුම් පිපිලා
එදා ඇවිදින් එහි පිරෙන්

හැංගි වෙස් බැඳි බ්ලොගේ වුණ් හට
නටන්නට දෙති ආදරෙන්
නෙලුම්යායට එන්න කියලා
අජිත් කියනව සාදරෙන්.

Saturday, March 12, 2016

නිල් පාට තණකොල.


වැටෙන් එහා තණකොල නිල පාටට පෙනේ යයි කියමනක් ඇත. බොහෝවිට ලංකාවේ ජීවත්ව සිටින අයට කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් සුරපුරයන් ලෙස පෙනෙයි. එසේ සිතනා බොහෝ දෙනෙකුගේ පැතුම ඉක්මනින්ම එවන් රටකට සංක්‍රමණය වී ජීවත් වීමයි. 

ඇත්තටම එහි තණකොල නිල්පාටද? මෙම ප්‍රශ්ණයට විසඳුම කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. යමෙක් තම සතුට සොයන්නේ නම් සමහර විට එම පුද්ගලයාට ලංකාවේ ජීවත් වීම හොඳයැයි මම සිතමි. තම දරුවන්ගේ අභිවෘද්ධියට මුල් තැනක් දෙන අයට එවන් රටවල ජීවත් වීම සුදුසු යැය මගේ නිගමනයයි.  

Tuesday, March 8, 2016

සෙකියුරිටි සේවය හර්ෂ ගෙන් බේරාගමු !!

අපේ හර්ෂ ඇමතිතුමා ඇවිත් රටේ සංස්කෘතිය රැකගන්න දිවි නොතකා සටන් කරපු අපේ සහෝදර ආරක්ෂක සේවකයෙකුට පාට් එකක් දාලා තියෙනවා. මේක හරිම අසාධාරණයි. අපි කොලඹ වැඩට ඇවිත් හිටියත් අපි ගම් වල අය. ඒ නිසා අපේ කෙල්ලො ඉන්නේ ගමේ. ගමේ මේ වගේ ජොබ් කරන්නෙ අපි ගෙදර ගෑනිගෙ හරි වෙන ගෑනියෙකුගෙ ගෙදර රිංගලා. උදේ ඇවිල්ල අත්සනක් ගහල ගිහිල්ල. මෙහෙට ආවම ඒව කරගන්න බැහැ. ඒක නිසා අපිට වෙලා තියෙන්නේ ටවුන් එකේ කෙල්ලොන්ගෙ පස්ස පැත්ත දිහා බලල හූල්ලලා රෑට පොඩි හස්ත කර්මාන්තයක යෙදෙනෙ එක විතරයි. එහෙම වේලෙන අපේ ඇස් ඉස්සරහින් ඇඟෙන් හතරෙන් එකක් විතරක් වහගත්තු සූකිරි කෑලි වගේ ගැණු ළමයිගෙ අත් අල්ලගෙන යන එක අපිට දරාගෙන ඉන්න පුළුවන්ද? කන්න නැතුව බඩගින්නෙ ඉන්න එකෙක් ඉස්සරහ ඉඳගෙන හොඳ රස කෑමක් වෙන කෙනෙක් කනකොට ඇතිවෙන හැඟීම ගැන තේරුමක් නැත්ද?

Saturday, March 5, 2016

2016 මාස දෙකේ මොනවද කලේ?


අපි 2016 අවුරුද්දෙ මාස දෙකක් ගෙවලත් ඉවරයි. තව බොහොම ටික කාලෙකින් 2017 ත් එයි. මේ මාස දෙකේ මට හරි, මව්පියන්ට, දරුවන්ට හරි සමාජයට හරි, මම මොනවද කළේ කියල හිතල බැලුව. එච්චර දෙයක් කරල නැහැ. එතකොට මොනවද ඒ මාස දෙකේ කලේ? රැකියාවට ගියා තමයි. ඒ ටිකේ මම මගේ හැකියාවෙන් උපරිමය කලාද කියල සෑහීමකට පත්වෙන්න බැහැ. පත්තරේකට ලිපිදෙකක් ලිව්ව. ඒ වුණාට ඒ පත්තර කොල අද කොහෙ හරි පරණ පත්තර ගොඩක. බ්ලොග් පෝස්ට් දෙක තුනක් ලිව්ව. ඒව ටිකට ටික දවසක් කමෙන්ට් වැටිල පස්සේ ඔන්න ඔහෙ තියෙයි. යාළුවො හම්බුවෙලා සෙට් වුනා තමයි. තව ඔය දන්නො බුදුන්ගේ ගීතයට බැණපු අයට බැන්න, ලඟදි ඒඩ්ස් ලමය ගත්ත නැති එක ගැන කථා කලා. ඒවයින් ඇත්තට සමාජයට වැඩක් කරන්න මට පුළුවන් වුණාද? එහෙම නැත්නම් ඒව ලිව්වෙ මගේම ඊගෝව සතපගන්නද?  අනේ මන්දා !!

Tuesday, March 1, 2016

ආණ්ඩුව මුහුණ දෙන ණය උගුල සහ 'සංවර්ධනය නැවතිලා' විලාපය

පසුගිය වසර කිහිපයක ඉදිවුණ මහාමාර්ග, ක්‍රීඩා පිටි ආදිය ඉදිකිරීම නැවතී ඇති බවට බොහෝ දෙනෙක් කියනු ඇසී ඇත. එයට හේතුව ලෙස සමහරුන් කියන්නේ නව රජය අකාර්යක්ෂම බවයි. ඉදිකිරීම් කටයුතු කිරීමට මුදල් අවශ්‍ය බව හැමෝම දන්නා දෙයකි. කෙනෙකුට ගෙයක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තමා අත ඇති මුදල්, හෝ අනාගතයේ ලැබෙන මුදල් හෝ ණය ගැණීම කල යුතුයි. ශ්‍රී ලංකාවේ බදු ආදායම රටේ එදිනෙදා වියදම පියවා ගැනීමට වත් ප්‍රමාණවත් නොවේ. එයට හේතුව බදු ගෙවන්නන් ප්‍රමාණය සීමා සහිත වීම නිසාය. එම නිසා සංවර්ධන වැඩ සැමදා සිදුවූයේ ණය වලිනි. 1970-80 දශකයේ විශාල ණය ප්‍රමාණයක් ලබා ගත්තේ මගවැලි ව්‍යාපාරයටය. එම ව්‍යාපාරය නිසා අද වන විට සහල් නිශ්පාදනයේ අතිරික්තයක් පවතී. එම නිසා එදිනෙදා පරිභෝජනයට සහල් ආනයනය කළයුතු නැත. එම නිසා විදේශ විනිමය ඉතිරිවේ. මහවැලි ව්‍යාපාරය සඳහා ගත් ණය ප්‍රමාණය අවුරුදු 12 කින් ගෙවා අවසන් කිරීමට රටට හැකිවිය. එසේ වූයේ ව්‍යාපෘති වල ගැන පෙර අධ්‍යනය කිරීමත් සහන පදනම යටතේ විදේශ ණය ලබා ගැනීමත් යන කරුණු දෙකය. ඊට අමතරව රටේ විදේශ ප්‍රතිපත්තිය නිසා වික්ටොරියා ව්‍යාපෘතිය එක්සත් රාජධානිය  විසින් රටට ලබා දුන්නේ නොමිලයේය.