Wednesday, June 29, 2016

තාක්ෂණය යොදාගෙන විසඳිය හැකි රටේ ප්‍රශ්ණ (1)



දියුණු රටවල මට්ටමට ආසන්න මට්ටමක ඇති සන්නිවේදන තාක්ෂණය යොදාගෙන රටේ ප්‍රශ්ණකාරී අංශ නිවැරදි කිරීමට යෝජනා කිහිපයක් ඔබලාගෙ අදහස් සඳහා කොටස් වශයෙන්  ඉදිරිපත් කරමි.  


තාක්ෂණය යොදාගෙන රජයේ ආයතන, පලාත් පාලන ආයතන වල ගෙවීම් කටයුතු මධ්‍යගත කිරීම

ස්ථාන කිහිපයක ශාඛා ඇති ආයතන සහ ආයතන කීපයක් ඇති සමූහ ව්‍යාපාර ඔවුන්ගේ ගෙවීම් මධ්‍යගත කිරීම මඟින් නාස්ති සහ හොරකම් බොහෝ දුරට අඩුකරගෙන ඇත. දුරකථන ජාල හරහා ශාඛා සහ ආයතන සම්බන්ධ කිරීමටත් අධි වේගයෙන් දත්ත යැවීමටත් හැකි මේ කාලයේ මෙම Shared Services ක්‍රමය රජයේ ආයතන වලට හඳුන්වා දීමෙන් විශාල නාස්තියක් වලකා ගත හැක. රජය විසින් මධ්‍යගත ගෙවීම් දෙපාර්තමේන්තුවක් (Central Payments Dept) ආරම්භ කිරීම සහ ඊට අනුබද්ධව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ශාඛාවක් ස්ථාපනය කරන්නේ නම් රටේ විවිධ ස්ථානවල දැනට කරන සියළුම ගෙවීම් කටයුතුව ගෙවීමට පෙර විගණනයක් සිදු කිරීම කල හැක.

Saturday, June 25, 2016

ගුරුවරු පෙරේතයි

සජ්ජා යොදාගත්ත පින්තූරේ

මේ පෝස්ට් එක ලියන්න හිතුනේ සජ්ජා ගේ ගුරුවරු පෙරේතයි යනුවෙන් පළ කල මේ පෝස්ට් එක නිසා . රටේ අධ්‍යාපනය හරි ගැස්වීම මගේ ඇති උණක් නිසා මේකට පිළිතුරක් පෝස්ට් එකකින්ම දානවා. මට හිතෙන්නෙ සජ්ජාත් රටේ අධ්‍යාපනය කරවන අය සහ දේශපාලකයින් වගේම ප්‍රශ්ණයේ වැරදි පැත්තෙන් අල්ලගෙන කියලයි. ගුරුවරයෙකුගේ වැටුප ගැන සජ්ජා ගෙන එන්නේ කාලීන ප්‍රශ්ණයක් බව පිලිගත යුතුයි. එහෙත් එම ප්‍රශ්ණයට  දීර්ග කාලීන සහ හොඳ ප්‍රතිඵල දෙන විසඳුමක් නිර්මාණය කරගන්න නම්  ගැටළුවේ input පැත්තෙන් නොව ouput පැත්තෙන් සිට සිතිය යුතුයි.

Monday, June 20, 2016

පුරවැසි නිවේදනයයි

පුරවැසි නිවේදනයයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.19, ප.ව‍‍‍‍‍ 11.30) 2015 ජනවාරි 8 වැනි දා මේ රටේ සිදු වුණේ ඓතිහාසික වෙනසකි. එතෙක් පැවති ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ පවුල්වාදී පාලන තන්ත්‍රය පෙරලා යහපාලනික පරමාදර්ශය යටතේ නව ආණ්ඩුවක් එදා බලයට පත් කර ගැනුණි. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයක් හමුදාමය වශයෙන් අවසානයක් කළ නායකයෙකු, එම හමුදාමය ජයග්‍රහණයෙන් වසර පහක් වැනි කෙටි කාලයක් තුළ එම රටේම ජනතාව විසින් පරාජය කරනු ලැබීම, එම නායකයා සහ ඔහුගේ පාලන තන්ත්‍රය කෙරෙහි පැවති ජනතා අප්‍රසාදය මොනවට පැහැදිලි කෙළේ ය.

Thursday, June 9, 2016

මේවා වැරදියි ! වැරදියි ! වැරදියි !

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.09, පෙ.ව‍‍.7.55) වනචර දශකයක් පුරා මැදමූලන හොරු කල්ලිය හොරකම් කෙළේ මිනීමැරුවේ තනියම නොව උන්ගේ ඥාතීන්ටත් වඩා උන්ට සහාය දුන් සට්ටැඹි රජයේ නිලධාරී කල්ලියක්ද සමග බව මේ රටේ සිටිනා පොඩි එකා පවා දැන සිටියදී ඒ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අගමැතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙලි කෙළේය. ඒ පාර්ලිමේන්තුව ආරම්භයට පෙර අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ වාරයේදී අනුර දිසානායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා නගනු ලැබූ පැනයකට දුන් පිලිතුරක් මගිනි. ඒ සංවාදය මෙබඳුය.

Monday, June 6, 2016

අපි ටිකක් අලුතින් හිතමු.


(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.05, ප.ව‍‍.6.40) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණිත අංශය විසින් රත්තනපිටිය, ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ක්ලබ්හි සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර කාර්මික ගණිත සම්මන්ත්‍රණයට සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය පැහැදිලි කෙළේය. එම සම්පූර්ණ කතාව පහත දැක්වේ.. 
“මේ සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුති වන්ත වන අතරම කෙටි වේලාවක් රැදී සිටීමට සිදුවීම පිළිබඳ මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. 1965 මම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට මම පිළිතුරු ලිව්වා. 1965 න් පස්සේ ගණිතය සම්බන්ධ එකම විභාගයකටවත් පෙනී සිටියේ නැහැ. එයින් අදහස් කළේ අපි ගණිතය අමතක කිරීමවත්, ගණිතය පැත්තකට දැමීමවත් නොවේ. ගණිතය වැදගත්.